සෙත් සිරි
දෙන මහ ගුණ මුහුදාණන්
සත් හට
වන බව දුකට වෙදාණන්
තිත් ගණඳුරු
දුරලන දිනිදාණන්
සිත් සතොසින්
නමදිම් මුනිඳාණන්
තේරුම :
තේරුම :
නිවන් සිරි සැපත ගෙන දෙන්න වූ උතුම් වූ ගුණයන්ට මහා සාගරය වැනි වූ ලෝක සත්වයාට ඇති වන්නා වූ ජාති ජරා මරණ ආදී සසර දුකට ශ්‍රේෂ්ට වෛද්‍ය වරයෙකු වැනි වූ තීර්තක (මිසදුටු) නැමැති මහත් අඳුර දුරලීමට සූර්යා වැ නි වූ බුදු රජාණන් වහන්සේ මම සතුටින් වදිමි.