කවිය - 02

ඇම   පමණින් පැවසූ මුනි දන                           තතු
මේම හැමදෙන බලවයි දැක්විය                         යුතු
තම  තම නැණ පමණින් දැන ගත                     යුතු
මම  නමදිම් සදහම් පැහැදී                                සිතු

තේරුම : 

බුදු රජාණන් වහන්සේ ලෝකයා පිලිබඳ සැබෑ තත්වය දැනගෙන අවබෝධ කරගෙන ඒ සියල්ල ඇති සැටියෙන් දේශනා කළා වුද හැම දෙනාම මෙම බලත්වායි දැක්වීමට සුදුසු වුද , තම තමන්ගේ නුවන පමණින් අවබෝධ කලයුතු වූ ශ්‍රී සද්ධර්මය මම සිත පහදා ගෙන වදිමි.