මනරම් නරදම් සැරිදම් සඟනට
මෙලෙසින් බැතියෙන් අදරින් නමකොට
වෙසෙසින් පෙළදම් නොමදත් දන හට
පවසම් කළකම් පල දැන් හෙළු කොට
තේරුම :
මනෝරම්‍ය වූ පුරිසධම්ම සාරතී නම් වූ බුදු රජාණන් වහන්සේගේ ධර්මයටද, සංඝයාටද , මෙලෙසින් භක්තියෙන් ආදරයෙන් වැද විශේෂයෙන් පාලි ධර්මය නොදත්තාවු ජනයාගේ දැනගැනීම පිණිස කලාවූ කුලසාකුසල කර්ම සිංහලයට නගා දැන් ප්‍රකාශ කරමි.