සිරිමත් බඹ සිරසෙහි පාපිසිනා
සැරියුත් මහ මුගලන් පිළිවෙලිනා
පිළිවෙත් සරු මහා සඟ ගණ සොබනා
මුදුනත් බැඳ නමදිම් බැති පෙමිනා
තේරුම :
ශ්‍රීමත් වූ බ්‍රහ්ම රජාණන් වැඳුම් ලබන සැරියුත් මුගලන් ආදී වූ මහරහතන්ගේ පරම්පරාවෙන් පැවත ආවා වූ ප්‍රතිපත්තියෙන් සාර වූ සංඝ සමුහය භක්ති ප්‍රේම චින්තනයෙන් දොහොත් මුදුන් දී නමස්කාර කරමි.