
ලෝ වැඩ සඟරාව
කවිය - 04
මනරම් නරදම් සැරිදම් සඟනට
මෙලෙසින් බැතියෙන් අදරින් නමකොට
වෙසෙසින් පෙළදම් නොමදත් දන හට
පවසම් කළකම් පල දැන් හෙළු කොට
තේරුම :
මනෝරම්‍ය වූ පුරිසධම්ම සාරතී නම් වූ බුදු රජාණන් වහන්සේගේ ධර්මයටද, සංඝයාටද , මෙලෙසින් භක්තියෙන් ආදරයෙන් වැද විශේෂයෙන් පාලි ධර්මය නොදත්තාවු ජනයාගේ දැනගැනීම පිණිස කලාවූ කුලසාකුසල කර්ම සිංහලයට නගා දැන් ප්‍රකාශ කරමි.
කවිය - 03
සිරිමත් බඹ සිරසෙහි පාපිසිනා
සැරියුත් මහ මුගලන් පිළිවෙලිනා
පිළිවෙත් සරු මහා සඟ ගණ සොබනා
මුදුනත් බැඳ නමදිම් බැති පෙමිනා
තේරුම :
ශ්‍රීමත් වූ බ්‍රහ්ම රජාණන් වැඳුම් ලබන සැරියුත් මුගලන් ආදී වූ මහරහතන්ගේ පරම්පරාවෙන් පැවත ආවා වූ ප්‍රතිපත්තියෙන් සාර වූ සංඝ සමුහය භක්ති ප්‍රේම චින්තනයෙන් දොහොත් මුදුන් දී නමස්කාර කරමි.
සැරියුත් මහ මුගලන් පිළිවෙලිනා
පිළිවෙත් සරු මහා සඟ ගණ සොබනා
මුදුනත් බැඳ නමදිම් බැති පෙමිනා
තේරුම :
ශ්‍රීමත් වූ බ්‍රහ්ම රජාණන් වැඳුම් ලබන සැරියුත් මුගලන් ආදී වූ මහරහතන්ගේ පරම්පරාවෙන් පැවත ආවා වූ ප්‍රතිපත්තියෙන් සාර වූ සංඝ සමුහය භක්ති ප්‍රේම චින්තනයෙන් දොහොත් මුදුන් දී නමස්කාර කරමි.
කවිය - 02
ඇම පමණින් පැවසූ මුනි දන තතු
මේම හැමදෙන
බලවයි දැක්විය යුතු
තම තම නැණ පමණින් දැන ගත යුතු
මම නමදිම් සදහම් පැහැදී සිතු
තේරුම :
බුදු රජාණන් වහන්සේ ලෝකයා පිලිබඳ සැබෑ තත්වය දැනගෙන අවබෝධ කරගෙන ඒ සියල්ල ඇති සැටියෙන් දේශනා කළා වුද හැම දෙනාම මෙම බලත්වායි දැක්වීමට සුදුසු වුද , තම තමන්ගේ නුවන පමණින් අවබෝධ කලයුතු වූ ශ්‍රී සද්ධර්මය මම සිත පහදා ගෙන වදිමි.
කවිය - 01
සෙත් සිරි
දෙන මහ ගුණ මුහුදාණන්
සත් හට
වන බව දුකට වෙදාණන්
තිත් ගණඳුරු
දුරලන දිනිදාණන්
සිත් සතොසින්
නමදිම් මුනිඳාණන්
තේරුම :
තේරුම :
නිවන් සිරි සැපත ගෙන දෙන්න වූ උතුම් වූ ගුණයන්ට මහා සාගරය වැනි වූ ලෝක සත්වයාට ඇති වන්නා වූ ජාති ජරා මරණ ආදී සසර දුකට ශ්‍රේෂ්ට වෛද්‍ය වරයෙකු වැනි වූ තීර්තක (මිසදුටු) නැමැති මහත් අඳුර දුරලීමට සූර්යා වැ නි වූ බුදු රජාණන් වහන්සේ මම සතුටින් වදිමි.
Subscribe to:
Posts (Atom)